වසර 2050වන විට ශ්‍රී ලංකාවට අවශය්‍ය කරණ සම්පූර්ණ විදුලිය ප්‍රමාණය දේශීය පුනර්ජනනීය මූලාශ්‍ර වලින් ලබාගැනීම රජයේ අපෙක්ෂවයි.මේ සඳහා මූලික පියවරක් ලෙස විදුලි පාරිබෝගිකයන් ද විදුලි නිෂ්පාදකයින් වශයෙන් විදුලි ජනන ක්‍රිරියාවලියට සම්බන්ධ කර ගනිමින් තම නිවෙස්වල වහල මත ඉදිකෙරෙන කුඩා සූර්ය බලාගාර ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් 'සූර්ය බල සංග්‍රාමය' නමින් ක්‍රියාවට නංවයි.මේ යටතේ විදුලි පාරිබෝගිකයන් මිලියනයක් විදුලි නිෂ්පාදකයින් බවට පත් කිරීමට අපෙක්ෂිත අතර, නිෂ්පාදනය කර ජාතික විදුලිබල පද්ධතියට එකතු කරනු ලබන අතිරික්ත විදුලිය සඳහා රජය විසින් ගෙවීම් කිරීමටද නියමිතය.ඕනෑම විදුලි පර්‍රබෝගිකයෙකුට, මෙම ව්‍යාපෘතිය යටතේ තම වහලය සූර්ය විදුලි බලාගාරයක් බවට පත්කළ හැකිය
වහල මත සවිකරන සූර්ය පැනල මඟින් ජනනය කරන විදුලිය ඒකක ගණන, පරිභෝජනය කරන විදුලි ඒකක ගණනට වඩා අඩුනම් එම වෙනසට පමණක් මණ්ඩලයට මුදල් ගෙවීම. ජනනය කරන ඒකක ප්‍රමාණයේ අතිරික්තයක් ඇත්නම් වසර 10ක් දක්වා හිඟ අවස්ථාවන්වලදී හිලව් කිරීමට එම ශේෂය ඉදිරියට පවත්වාගෙන යාමට හැකි වීම. (Net Metering)
තම වහල මත සවිකරන සූර්ය පැනල මඟින් ජනනය කරන විදුලි ඒකක ගණන නිවාස හිමියා විසින් පාවිච්චි කරන ලද විදුලි ඒකක ගණනට වඩා වැඩි නම් මණ්ඩලය මඟින් නිවාස හිමියාට ගෙවීමක් කරයි. නිවසේ ජනනය කළ විදුලි ප්‍රමාණය අඩු නම් ගෙහිමියා මණ්ඩලයට ගෙවීමක් සිදුකිරීමේ ක්‍රමය.
(Net Accounting)
තම වහල මත සූර්ය බලශක්තියෙන් විදුලිය නිෂ්පාදනය කරන නිවාස හිමියන් නිෂ්පාදනය කරන විදුලි ඒකක ගණනට
මණ්ඩලය මගින් නිවාස හිමියාට ගෙවීම් සිදුකරනු ලබයි
නිවසේ බිල්පත ගෙහිමියා මණ්ඩලයට ගෙවයි
(Net Plus)